විශේෂ නිවේදනය

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව Dinoprostone-Vaginal tab 3mg මිලදීගැනීමේදී රුපියල් මිලියන 17ක අලාභයක් සිදුවී ඇති බවට වරින්වර ආයතනයේ සභාපතිතුමන් සහ කළමණාකාර අධ්‍යක්ෂවරයා ඉලක්ක කරගනිමින් පළවන තොරතුරු සම්පුර්ණයෙන්ම සාවද්‍ය වේ.

තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ මත ප්‍රසම්පාදන කමිටුව හරහා නිසි ක්‍රමවේදයක් තුල මෙම ඇණවුම පිරිනමා ඇති අතර එයින් රුපියල් මිලියන 3.79 ක ඉතිරියක් ද සිදුවී තිබේ.(සියලු නිවැරදි දත්ත/තොරතුරු ආනයන අංශයේ ඉහළ නිළධාරීන් හරහා තහවුරු කරගත හැකිය)

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වත්මන් කළමණාකාරිත්වය සෑමවිටම විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලීන් අනුගමනය කිරීම සඳහා උපදෙස් ලබා දී ඇත.එයින් පීඩාවට පත්ව සිටින දූෂිත පිරිසක් විසින් ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කරමින් ආයතනය කෙරෙහි රටත් ජනතාවත් අප්‍රසාදයට පත්කරමින්, ආයතන කලමණාකාරිත්වය දුර්වල කර යලිත් අවිධිමත් පාලනයකට ගෙනයාමට හිතාමතා කටයුතු සිදු කරමින් සිටියි. එබැවින් මෙවන් අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස මහජනතාවට වගකිවයුතු ආයතනයක් ලෙස කාරුණිකව සිහිපත් කරමු.

එලෙසම ගුණාත්මක ඖෂධ සාධාරණ මිලට ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක වන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වැනි වටිනා ‍රාජ්‍ය ආතයනයක් මෙලෙස ව්‍යාජ පුවත් සංසරණය කරමින් විනාශ කිරීමට දිගින් දිගටම ගන්නා අයතා උත්සාහයන් පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.