● Online Admission Issuance: Management Assistant (Clerk) – MA 1.1, Grade III applicants can now download their admissions from the Admissions page. Click here to access your admission.

සෞඛ්‍ය කඳවුර - යාපනය කරෙයිනගර් ත්‍යාගරාජා විදුහල

ශ්‍රී ලංකා රාජ්‍ය ඹෟෂධ නීතිගත සංස්ථාවේ සේවා වනිතා ඒකකයේ මූලිකදායකත්වයෙන් ශ්‍රී ලංකා නාවික හාමුදාවේ සහයෝගය සහිතව සංවිධානය කල සෞඛ්‍ය කදවුර 2015 නොවැමිබර් 07 දිනයාපනය කරෙයිනගර් ත්‍යාගරාජාවිදුහල්භූමියේදී පැවැත්වුණි.

රාජ්‍ය ඹෟෂධ සංස්ථාවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි අලෙව් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාර සුරංගන පෙරේරා මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් එම ප‍්‍රදේශයේ දමිළ ජනතාව වෙනුවෙන් මෙම මහගු සත්කාරක සේවාව කි‍්‍රයාත්මකවුණි.

මෙහිදී වෛද්‍ය උපදෙස් මත අක්ෂි පරික්ෂාවත් දන්ත පරික්ෂාවන් සහ රුධිර පරික්ෂාවන් ඇතුළුව අනෙකුත් රෝග සදහා අවශ්‍ය ඹෟෂධ නොමිලේ ලබාදීම සිදුවිය. එම ප‍්‍රදේශයේ අඩුආදායම් ලාබී පවුල් 500 ක් සදහාරුපියල් 700 ක් පමණ වටිනා වියළි ආහාරමල්ලක් ලබාදුන් අතර පාසල් දුදරුවන් සදහා පාසල් උපකරණ බෙදාදීමද සිදුකරන ලදී.

එසේම අත්‍යවශ්‍ය පුද්ගලයන් වැඩිදුර විශේෂඥ වෛද්‍ය ප‍්‍රතිකාරසදහා යොමු කල අතර ඊට සමගාමීව අවශ්‍ය පුද්ගලයන් සදහා ඇස්කණ්නාඩි 219 ක් නොමිලේ බෙදාදීමද සිදුකෙරුණි.