● Online Admission Issuance: Management Assistant (Clerk) – MA 1.1, Grade III applicants can now download their admissions from the Admissions page. Click here to access your admission.

බක්මහ දිවුරුම - 2019

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ සංකල්පයකට අනුව මතින් තොර රටක් වෙනුවෙන් රටම දිවුරුම් දුන් "බක්මහ දිවුරුම" අද දින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේදී උත්සවාකාරයෙන් සිදු විය. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති එම් එච් එම් රූමි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට අප සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්‍ෂ කුමාරසිරි විල්ෆ්‍රඩ් මැතිතුමා, සාමාන්‍යාධිකාරි දිනූෂ දසනායක මැතිතුමා ඇතුළු සේවක සේවිකාවන් විශාල ප්‍රමාණයක් එක්විය.